බේකිං පවුඩර් සහ බේකිං සෝඩා
මෙම අමුද්රව්ය දෙකම ආහාර අංශු තුළට වාතය එක් කිරීමට භාවිතා කරයි.
බේකිං සෝඩා යනු සෝඩියම් බයිකාබනේට් (NaHCO3) ය. එය Na + සහ HCO3- යන අයන දෙකින් සමන්විත වේ. ඔබ බේකිං සෝඩා ජලය සමග මිශ්ර කරන්නේ නම්, HCO3- කොටස අම්ල සමඟ ප්රතික්රියා කරයි. ආහාර මිශ්රණයේ ඇති අම්ල (උදා: දෙහි වලින් සිට්රික් අම්ලය හෝ යෝගට් වලින් ලැක්ටික් අම්ලය) තිබේ නම්, HCO3- ඒවා සමඟ ප්රතික්රියා කර ඔබේ කේක් හෝ බනිස් පිම්බීමට හේතු වෙන CO2 වායුව මුදා හරියි. බේකිං සෝඩා වල රසායනික ප්රතික්රියාව පහත පරිදි වේ;

HCO3– + H + ↔ H2CO3 -> H2O + CO2
බේකිං පවුඩර් යනු කුමක්ද? බේකිං සෝඩා සඳහා, ඔබ බාහිරව අම්ලයක් එකතු කළ යුතුය. නමුත් බේකිං පවුඩර් වලදී, භෂ්මය සහ අම්ලය යන දෙකම එකට පවතී. ඒවා වියළි ස්වරූපයෙන් ප්රතික්රියා නොකරයි. බේකිං පවුඩර්, සෝඩියම් බයිකාබනේට් සහ ඩයිසෝඩියම් ඩයිහයිඩ්රජන් ඩයිපොස්පේට් (Na2H2P2O7) වලින් සමන්විත වේ. බේකිං පවුඩර් ජලීය මාධ්යයේ රත් කිරීමේදී, NaHCO3 භෂ්මය සහ Na2H2P2O7 අම්ලය ප්රතික්රියා කරන අතර පහත පරිදි CO2 නිපදවයි.
NaHCO3 + Na2H2P2O7 -> Na3HP2O7 + H2O + CO2
දැන් ඔබ වෙනස දන්නවා නේද?
බේකිං සෝඩා = ප්රතික්රියා කිරීමට අම්ලය පිටතින් එකතු කල යුතු ය
බේකිං පවුඩර් = අම්ලය සහ භෂ්මය යන දෙකම පවතී, ප්රතික්රියා කිරීමට ජලීය මාධ්යයක්
අවශ්ය වේ
බේකිං සෝඩා = ප්රතික්රියා කිරීමට අම්ලය පිටතින් එකතු කල යුතු ය
බේකිං පවුඩර් = අම්ලය සහ භෂ්මය යන දෙකම පවතී, ප්රතික්රියා කිරීමට ජලීය මාධ්යයක්
අවශ්ය වේ
Baking powder and baking soda
Do you ever forgot to add baking powder/baking soda to your cake and ended up with a flat cake? That is it. Both ingredients use to leaven the food and add air inside the food particles.
Baking soda is a general name for sodium bicarbonate (NaHCO3), comprised of two ions Na+ and HCO3-. If you mix the baking soda with water, the HCO3- portion reacts with acids. If acids (e.g. citric acid from lime or lactic acid from yoghurt) present in the food mixture, HCO3- react with them and release CO2 gas which is responsible for rising up your cake in the oven. The chemical reaction of baking soda as follow;
HCO3– + H+ ↔ H2CO3 –> H2O + CO2
What is baking powder then? For baking soda, you have to add an acid externally. But in baking powder, both base and acid are together. They are not reacting in their dry forms. Baking powder comprises sodium bicarbonate & disodium dihydrogen diphosphate (Na2H2P2O7). When this backing powder add into aqueous medium and heat, the NaHCO3 base and Na2H2P2O7 acid started to react and produced CO2 as follow;
NaHCO3 + Na2H2P2O7 –> Na3HP2O7 + H2O + CO2
Now you know the difference, right?
Baking Soda= Only backing soda, need acid to react
Baking powder=both acid and base are present, need an aqueous medium to react
Baking Soda= Only backing soda, need acid to react
Baking powder=both acid and base are present, need an aqueous medium to react
Comments
Post a Comment