Posts

Image
‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ 1780 ගනන් වල ප් ‍ රoශයේ හිටපු මේරි රැජින තමයි තමන්ගේ රටවැසියන්ට මෙහෙම කියුවේ (ඔව් ඔව් ඒ කාලෙත් එහෙම තමයි  😊 ). එතකොට ඔය පාන් සහ කේක් දෙකම හදන්නේ තිරිගු පිටි වලින් නෙ. ඇයි හාල් පිටි වලින් හදන්න බැරි. ඇත්තටම බැරි නෑ, ඒත් තිරිගු පිටි ටිකක් මිශ් ‍ ර කරන්න ඕනි. නැත්නම් වයනය (texture) වෙනස් වෙනවා. තිරිගු පිටිවල විශේෂත්වය තමා ග්ලුටන් (gluten) කියන ප් ‍ රෝටීන් වර්ගය තිබීම. වැඩි උෂ්ණත්ව වලදී මේ ප් ‍ රෝටීන ජාලයක් ලෙස එකතු වෙලා ඒ තුල වාතය රදවා ගන්නවා (වාතය/CO2 නිපදවෙන  හැටි පෙර ලිපියක තියනවා). ඒ නිසා තමයි පාන් පුලුස්සද්දී පිම්බෙන්නේ. හැබැයි සමහරුන්ට ග්ලූටන් ආසාත්මික වෙනවා. යුරෝපීය රටවල බහුලව උනත් ලන්කාවේ එහෙම අය අඩුයි. එයාලට ග්ලූටන් තියෙන පිටිවලින් හදපු කේක්, පාන්, බනිස් මොකුත්ම කන්න බෑ (ආහාර පාලනය කරන අයට නම් හොදයි නේද  😊 ). ඒ නිසා යුරෝපීය වෙලදපොලේ ග්ලූටන් රහිත (gluten free) ආහාරවලට හොද ඉල්ලුමක් තියනවා.
Image
ඉස්සෝ කියන්නේ ආසම sea food වර්ගයක්. සාමාන්යයෙන් මෙයාලා නිල් පාටයි. ඒත් බැදලා,තෙල් දාලා, උයලා ගත්තහම රතු පැහැයට හැරෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද? ඒකට හේතුව ඇස්ටාසැන්තීන් (astaxanthin) කියන කැරොටිනොයිඩ් (ඔව් ඔව් කැරට් වල තැඹිළි පාටට හේතු වෙන්නෙත් මෙයා) විශේෂයක්. ඉස්සෝ උයන්න කලින් ප්‍රෝටීන් වලට බැදිලා නිල් පාට ක්‍රස්ටසයනීන් (crustacyanin) විදියට තියෙන්නෙ. රත් කරද්දී ඒ ප්‍රෝටීන් අනුවල හැඩය වෙනස් වෙලා (denaturation) රතු පාට ඇස්ටාසැන්තීන් (astaxanthin) නිදහස් වෙනවා. උයද්දී ඉස්සොන්ගේ හැඩය වෙනස් වෙන්නෙත් මේ ප්‍රෝටීන් විස්ස්වාභාවීකරණය (denaturation) නිසා.
Image
චොකලට් අපි ආසම කෑමක්නෙ. ඔයාලට විශ්වාස කරන්න පුලුවන්ද ක්‍රි.පු. 1900 තරම් අතීතයේදී චොකලට්, මෙක්සිකෝවේ මුදල් ඒකකයක් විදියට භාවිත වෙලා තියනවා. ආදි මෙක්සිකානුවො (මායාවරුන්) හිතපු විදියට චොකලට් කියන්නේ දැනුමට අදිපති දෙවියන්ගෙන් එයාලට ලැබුනු තෑග්ගක්.
Image
මඤ්ඤොක්කා කාලා ඉගුරු දාපු තේ බොන්න එපා කියන කතාව අහල ඇති නේද? ඒත් ඒ ඇයි කියලා දන්නවද? ඉගුරු වල තියන ලිනමරේස් (Linamarase) කියන එන්සයිමයට පුලුවන් මඤ්ඤොක්කා වල තියන සයනොජෙනික් ග්ලයිකොසයිඩ් (cyanogenic glycoside) කියන සoයෝගය හයිඩ්‍රජන් සයනයිඩ් (HCN) බවට පත් වීම උත්ප්‍රේරණය කරන්න. හයිඩ්‍රජන් සයනයිඩ් ආහාරයට එකතු වීම මාරාන්තික වෙන්න පුලුවන්. මඤ්ඤොක්කා තම්බද්දී බාජනයේ පියන අරින්න කියන්නෙත් මේ හැදෙන HCN වායුව ඉවත් කරන්න. What is the science behind ‘not to eat cassava and ginger together’? Ginger contains an enzyme called linamarase, which triggers the conversion of cyanogenic glycoside present in cassava into hydrogen cyanide (HCN). HCN can be toxic to the human at certain concentrations. While boiling cassava you should open the container to evaporate HCN gas.
Image
බේකිං පවුඩර් සහ බේකිං සෝඩා මෙම අමුද් ‍ රව් ‍ ය දෙකම ආහාර අංශු තුළට වාතය එක් කිරීමට භාවිතා කරයි. බේකිං සෝඩා යනු සෝඩියම් බයිකාබනේට් (NaHCO3) ය. එය Na + සහ HCO3- යන අයන දෙකින් සමන්විත වේ. ඔබ බේකිං සෝඩා ජලය සමග මිශ් ‍ ර කරන්නේ නම්, HCO3- කොටස අම්ල සමඟ ප් ‍ රතික් ‍ රියා කරයි. ආහාර මිශ් ‍ රණයේ ඇති අම්ල (උදා: දෙහි වලින් සිට් ‍ රික් අම්ලය හෝ යෝගට් වලින් ලැක්ටික් අම්ලය) තිබේ නම්, HCO3- ඒවා සමඟ ප් ‍ රතික් ‍ රියා කර ඔබේ කේක් හෝ බනිස් පිම්බීමට හේතු වෙන CO2 වායුව මුදා හරියි. බේකිං සෝඩා වල රසායනික ප් ‍ රතික් ‍ රියාව පහත පරිදි වේ; HCO3– + H +  ↔  H2CO3 -> H2O + CO2 බේකිං පවුඩර් යනු කුමක්ද? බේකිං සෝඩා සඳහා, ඔබ බාහිරව අම්ලයක් එකතු කළ යුතුය. නමුත් බේකිං පවුඩර් වලදී, භෂ්මය සහ අම්ලය යන දෙකම එකට පවතී. ඒවා වියළි ස්වරූපයෙන් ප්රතික්රියා නොකරයි. බේකිං පවුඩර්, සෝඩියම් බයිකාබනේට් සහ ඩයිසෝඩියම් ඩයිහයිඩ් ‍ රජන් ඩයිපොස්පේට් (Na2H2P2O7) වලින් සමන්විත වේ. බේකිං පවුඩර් ජලීය මාධ් ‍ යයේ රත් කිරීමේදී, NaHCO3 භෂ්මය සහ Na2H2P2O7 අම්ලය ප් ‍ රතික් ‍ රියා කරන අතර පහත පරිදි CO2 නිපදවයි. NaHCO3 + Na2H2P2O7 -> Na
Image
රම්, බ්‍රැන්ඩි, වොඩ්කා, සහ විස්කි අතර ඇති ප්‍රධාන වෙනස දන්නවාද? මත්පැන් නිපදවීමට භාවිතා කරන උපස්ථරය අනුව මෙම පානයන් වෙනස් වේ. රම්: උක් යුෂ හෝ එහි අතුරු නිෂ්පාදන බ්රැන්ඩි: පලතුරු, විශේෂයෙන් මිදි (හෝ වයින් ආසවනය) විස්කි: ධාන්ය (උදා: ඉරිඟු, රයි, බාර්ලි, තිරිඟු ආදිය) වොඩ්කා: ධාන්ය වර්ග, අර්තාපල් සහ සමහර විට සීනි හෝ පළතුරු What is the difference between rum, brandy, vodka, and whiskey? These spirits are varying according to the substrate used to produce alcohol as; Rum: sugarcane juice or its by-products Brandy: fruits, particularly grapes (or distilling wine) Whiskey: Grain mash (e.g. corn, rye, barley, wheat, etc.) Vodka: grains, potatoes and sometimes sugar or fruit
Image
What is food Science? As a beginning to this page, I will start by introducing what is food science. Simply that is learning on foods from farm to plate and beyond. The knowledge includes; Agricultural practices of plant food sources Husbandry and welfare of animals raised for food purpose post-harvest handling of food Food processing and preservation (meat, fish, dairy, fruits, confectionery, grain,legumes,tubers, spices, etc.) Quality and safety measures throughout the food production chain Food product development and food engineering Food Analysis  Food regulations and packaging Food marketing Nutrition, chemistry, and biochemistry of food Metabolism and associate knowledge on food inside the body On this blog, we are going to discuss tiny topics under each category to enhance your additional knowledge on food science. © Gayani Diaz