
‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ 1780 ගනන් වල ප් රoශයේ හිටපු මේරි රැජින තමයි තමන්ගේ රටවැසියන්ට මෙහෙම කියුවේ (ඔව් ඔව් ඒ කාලෙත් එහෙම තමයි 😊 ). එතකොට ඔය පාන් සහ කේක් දෙකම හදන්නේ තිරිගු පිටි වලින් නෙ. ඇයි හාල් පිටි වලින් හදන්න බැරි. ඇත්තටම බැරි නෑ, ඒත් තිරිගු පිටි ටිකක් මිශ් ර කරන්න ඕනි. නැත්නම් වයනය (texture) වෙනස් වෙනවා. තිරිගු පිටිවල විශේෂත්වය තමා ග්ලුටන් (gluten) කියන ප් රෝටීන් වර්ගය තිබීම. වැඩි උෂ්ණත්ව වලදී මේ ප් රෝටීන ජාලයක් ලෙස එකතු වෙලා ඒ තුල වාතය රදවා ගන්නවා (වාතය/CO2 නිපදවෙන හැටි පෙර ලිපියක තියනවා). ඒ නිසා තමයි පාන් පුලුස්සද්දී පිම්බෙන්නේ. හැබැයි සමහරුන්ට ග්ලූටන් ආසාත්මික වෙනවා. යුරෝපීය රටවල බහුලව උනත් ලන්කාවේ එහෙම අය අඩුයි. එයාලට ග්ලූටන් තියෙන පිටිවලින් හදපු කේක්, පාන්, බනිස් මොකුත්ම කන්න බෑ (ආහාර පාලනය කරන අයට නම් හොදයි නේද 😊 ). ඒ නිසා යුරෝපීය වෙලදපොලේ ග්ලූටන් රහිත (gluten free) ආහාරවලට හොද ඉල්ලුමක් තියනවා.